මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා ඊයේ (19දා) නිවේදනය කළේ, සැලසුම් කරන ලද මහා පරිමාණ කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන සඳහා තවත් එන්නත් තුනක් සමග චීනයේ නිෂ්පාදිත සීනොෆාම් එන්නත ලබා ගැනීමට දිවයින අපේක්ෂා කරන බවයි.
එහි ජනගහනය සඳහා කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමේ පියවරක් ලෙස ඔවුන් පසුගිය අපේ‍්‍රල් 1 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුත් COVAX වැඩසටහනට නිල වශයෙන් සම්බන්ධ විය.
සඳුදා වනවිට දූපත් රාජ්‍යයේ ආසාදිතයන් 32,798ක් වාර්තා කර ඇති අතර, වෛරසයේ තුන්වැනි රැල්ල පාලනය කිරීමට ඔවුන් උත්සාහ කරමින් සිටියි.
මෙම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට ප්‍රමුඛතාව දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.