මට්ටක්කුලිය අනතුරකින් තිදෙනෙක් මරුට
මට්ටක්කුලිය මැද පාර ප්රදේශයේදී ලොරි රථයක් ප්රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි තීරෝද රථ දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූ මව මට්ටක්කුලිය පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ තීරෝද රථ දෙකේ රියදුරන් දෙදෙනා සහ එම එක් ත්රිරෝද රථයක ගමන් ගත් කාන්තාවක්ය.
මෙලෙස මියගොස් ඇත්තේ මට්ටක්කුලිය කදිරාන වත්ත ප්රදේශයේ පදිංචිව සිටි ටිරෝන් රංජිත් 40, ජාඇල කපුවත්ත ප්රදේශයේ පදිංචිව සිටි අජිත් සිල්වා 50 හා මට්ටක්කුලිය ෆාම් පාර පදිංචිව සිටී අමිතා සුන්දර රාජ් 34 යන තිදෙනාය.
තක්කාලි පටවා ගත් ලොරිය මෝදර සිට මට්ටක්කුලියේ දෙසට ධාවනය වෙමින් තිබියදී මාර්ගයේ මැද දූපත සහ ලොරි රථය ප්රතිවිරුද්ධ දිසාවට ගොස් ඉදිරියෙන් පැමිණෙමින් තිබූ ත්රීරෝද රථ දෙකේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.
ලොරි රථයේ රෝදයක හුළං යාම හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව අනතුරුව වූ බව අත්අඩංගුවට ගත් ලොරිය දුර සිදුකර ප්රකාශක සඳහන් වන බව පොලිසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

