මෝටර් රථයක තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු පැවැසූ බව සඳහන් කරමින් ජාලා තුළ හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍ය ප්‍රවෘත්තියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එහි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමය පරිදි විමර්ශනයක්ද පැවැත්වූ බවයි.
එහිදී වින්ස්ක්‍රීනය අවහිර වන ලෙසට මැද කණ්නාඩියේ පහතට වැටෙන සේ සවිකර තිබූ මල් මාලා ඉවත් කරන ලෙසට පොලිස් නිලධාරියා උපදෙස් දී ඇති බවයි.
මේ පිළිබඳව ප්‍රකාශ පහක් සටහන් කර ගත් බවත් එහිදී බුදු පිළිමයක් ඉවත් කිරිමට උපදෙස් දී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව එම පුවත සමාජ ජාල වෙත මුදා හළ පුද්ගලයා හා එය බෙදා හරින ලද පුද්ගලයන්ට නීතිය අනුව කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.