ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 සටනේ නියමුවා ලෙස කටයුතු කරන ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි රාජ්‍ය නිලධාරියෙකු ලෙස නිර්පාක්ෂිකව, අවංකව හා සෘජුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන වෛද්‍ය උපදේශකවරයාද වන ෆවුසි, සෙනෙට් මණ්ඩල රැස්වීමකදී ඔහු වෙත එල්ල වූ මනංකල්පිත චෝදනාවන්ට පිළිතුරු ලෙස මෙම සෘජු අදහස් දැක්වීම සිදුකර ඇත්තේ, රාජ්‍ය නිලධාරියෙකු ලෙස පවතින රජයේ වහලෙකු නොවී කටයුතු කරන ලෙස සිහිපත් කරමිනි.
"ඔබ සෘජු හා ස්ථාවර චරිතයක් නම්, මුල්ම කාරණය ඔබ නිර්පාක්ෂිකව සිටිය යුතුයි. වෘත්තිකයෙකු ලෙස දෘෂ්ටීන්ට බැසව කටයුතු කිරීමට මට කිසිම අවකාශයක් නැහැ. මම රිපබ්ලිකන්වරු සමග කටයුතු කර තිබෙනවා. මම ඩිමොක්රැටික්වරු සමග කටයුතු කර තිබෙනවා. මම ලිබරල්වාදීන් සමග කටයුතු කර තිබෙනවා. මම මධ්‍යස්ථ මතධාරීන් සමග කටයුතු කර තිබෙනවා.
මගේ මූලික ප්‍රවේශය වන්නේ විද්‍යාව සමග බැඳී සිටීමයි. ඉහළ මට්ටමේ දේශපාලඥයන්ට උපදෙස් ලබාදීම සඳහා මා අසා ඇති හොඳම උපදේශය නම්, ඔවුන් මට නැවත ඒ සඳහා ආරාධනා නොකිරීමට අදහස් කළත්, සැමවිටම සත්‍යයම පැවසීමයි.
මම ධවල මන්දිරයට පන්සිය වතාවකට වඩා ඇවිද ගොස් ඇති. මම තවමත් එහි යනවිට කසයෙන් තලා මටම කියා ගන්නේ, ඔබ මෙහි ඇවිදින්න, නමුත් ඔබ මේ ස්ථානයට ඇවිද යන අවසාන අවස්ථාව මෙය විය හැකි බවද මතක තබා ගන්න කියලයි." වෛද්‍ය ඇන්තනී ෆවුසි බොහෝ දෙනෙකුට වැදගත් පණිවුඩයක් කියා සිටියේය.