තමන්ට භාර දී ඇත්තේ වසර 2500ක උරුම බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.
ජාතික ශිල්ප සභාවේහි සේවයේ නියුතු, දිවයිනෙහි පළාත් සහ දිස්ත්‍රික් නිලධාරීන් ඉදිරි සැලසුම් පිලිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුව අමතමින් ඔහු මේ බව පැවැසීය.
“පසුගිය දවස් කිහිපය තුළ සාකච්ඡා කරපු අපේ අදහස් ටික මහපොළවට ජනගත කරන්න තමයි මේ වැඩමුළුව පවත්වලා තියෙන්නේ. අපි කොච්චර ඒ.සී කාමරවල ඉඳන් සැලසුම් හැදුවත් වැඩක් නැහැ අපේ සැලැස්ම මහ පොළවේ ජනගත වෙන්නේ නැත්තම්.
අපි පහුගිය දවස් කිහිපය තුළ අපේ සෑම ක්ෂේත්රයකම ඒ කියන්නේ මැටි කර්මාන්තය, පිත්තල කර්මාන්තය, වේවැල් කර්මාන්තය, හස්ත කර්මාන්තය ආදී වශයෙන් සියළු දෙනාම කැඳවලා සාකච්ඡා කළා.
මේ අයගේ ප්‍රශ්න ඇත්තටම හරි සරලයි. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නේ නැති එක තමා ප්රශ්නය වෙලා තියෙන්නේ. ඉස්සර අමත්‍යවරුන්ගේ අමාත්‍යංශවල මේවා පොඩි කෑලී. හැබැයි මට මේක මහ ලොකුයි. මා තුළ, ඔබගේ ශක්තිය තුළ අපට විශාල වැඩ කොටසක් රටට කරන්න පුළුවන්.
සම්ප්රදායක ශිල්ප ආරක්ෂා කරගනිමින් අපි නව්‍යකරණය වෙලා නව නිපැයුම් සොයා ගෙන වෙළඳපල කරා යන්න අපට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා අප ශක්තිමත් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අප සූදානම් විය යුතුව පවතිනවා.
අපි සරළ උදාහරණයක් විදිහට ගත්තොත් අපේ තියෙනවා පන්සල් 10500ක්. අපි මහ සංස්කෘතික උරුමය ගැන පන්සලේ කතා කරනවා. හැබැයි අපි වාඩි වෙලා ඉන්නේ මොකේද? චීනෙන් ගේන ප්ලාස්ටික් පැදුරේ.
අපි මහ බෝධීන් වහන්සේට පැන් ටික වක් කරනවා. අපි මොකෙන්ද දාන්නේ ප්ලාස්ටික් කළෙන්. අපේ මේ වසර 2500කට ආසන්න කාලයක් තිබ්බ උරුමය තමා මට භාර දීලා තියෙන්නේ.
ඒ නිසා අපි වර්තමානයත් අනාගතයත් ගැන කල්පනා කරලා සැලසුම හදමු. සාම්ප්රදායීක කර්මාන්ත රකිමින්, පාරම්පරික කර්මාන්ත රකිමින්, නවෝත්පාදන, නව නිපැයුම් වලට ගිහිල්ලා දේශිය වෙළඳපලත්, ජාත්‍යන්තර වෙළඳපලත් ජයග්‍රහණය කරමු.”