රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් උදේ හවස යනඑන ගමන්බිමන් ගැන සෙවීම හැර වෙනත් රාජකාරියක් ඉටු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (05දා) පැවසීය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
තමා නිවසින් පිටත්වන වෙලාවන්,යනඑන ස්ථාන ගැන වාර්තා සකස් කරන බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ ඒ දිස්ත්‍රික්කවලට ගොස් සිදුකරන ප්‍රකාශ හා දේශපාලන කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධව සෙවීමට යොදවා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමාගේ විස්තර සෙවිම පසෙකලා පාතාල නායකයන් එන එන තැන් සෙවීමට බුද්ධි අංශය නිලධාරින් කටයුතු කළහොත් රටේ සිදුවන අපරාධ බොහෝමයක් අඩුකරගත හැකිවන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
