චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත යොදා ගනිමින් එරට සිදුකළ පළමු එන්නත්කරණය ඊයේ (10දා) දිනයේ සිදුව තිබේ.
ඒ අනුව මොන්ගෝලියාවේ නියෝජ්‍ය අගමැති සයින්බුයාන් අමර්සයිකාන් සහ උලාන් බාටර් නගරාධිපති ඩොල්ගෝර්සුරෙන් සුමියාබසාර් වෙත මෙම එන්නත් ලබාදීම සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
වෙනත් එන්නත් යොදා ගනිමින් පසුගිය පෙබරවාරි 23 වැනි දින මොන්ගෝලියාව විසින් රටපුරා කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළ අතර, මේ වනවිට පුද්ගලයන් 30,400කට වැඩි පිරිසකට එන්නත් ලබාදී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.