බුත්තල පොලිසියේ බුද්ධි නිළදාරින් විසින් මිගමුව රෝහල් පොලිසියට ලබාදුන් තොරතරකට අනුව මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවයකර දැනට සැඟවසිටි විසිහය හැවරිදි තරුණයෙකු මිගමුව රෝහල් පොලිසිය විසින් අද(10) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් එම සැකකරැ බුත්තල, ගගපාර ,කටුගහල්ගේ ප්රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන ඇත. මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සේවකයෙකු බුත්තල කටුගහගල්ගේ ප්රදේශයේ පදිංචිව සිටින බවට ලද බුද්ධි තොරතුරකට අනුව කොටිඨාශ බුද්ධි අංශයේ නිළධාරින් බුත්තල පොලිසියේ නිළදාරින් පිරිසක් සමග එම නිවස සොයාගොස් තිබේ.
එවිට එම පුද්ගලයාගේ මව විසින් පොලිසිට පවසා ඇත්තේ තම පුතා දැනට මාස තුනකින් නිවසට නොපැමිණි බවයි.
ඒ අනුව පොලිස් නිළධාරින් මෙම පුද්ගලයාගේ ජංගම දුරකථන අංකය එම මවගෙන් ලබාගෙන එම දුරකථනයට කථාකර සිටින්නේ කොහේදැයි විමසා තිබේ. එවිට එම පුද්ගලයා බවසා ඇත්තේ මීගමුව රෝහල ඉදිරිපිට සිටින බවයි.
ඒ අනුව බුත්තල පොලිසියේ නිලධාරින් මෙි පිළිබදව මිගමුව රෝහලේ රෝහල් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පොලිස් භාරයට ගෙන තිබේ.
මොණරාගල-නයනජිව බන්ඩාර