කොරෝනා වසංගතය වැළැක්වීමේ පියවරක් වශයෙන් මීගමුව අධිකරණ සංකීර්ණය සහ දේශීය ආදායම් කාර්යාලය සුමානයක (12-16) කාලයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
මේ අනුව මීගමුව අධිකරණ සංකීර්ණයේ පිහිටි මහෙස්ත්රාත් අධිකරණ 02, දිසා අධිකරණය 02, කම්කරු විනිශ්ච සභාව, මහාධිකරණය සහ සිවිල් අභියාචන මහාධිකරණයද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
නඩු කටයුතු සදහා අධිකරණයට පැමිණෙන මහජනතාව දැනුවත් කිරීම සදහා මීගමුව අධිකරණ සංකීර්ණයේ සියලු අධිකරණ ශාලා ඉදිරියේ අධිකරණ අද (12) සිට ලබන 16 වැනිදා දක්වා තාවකාලිකව වසා දමන බව සදහන් දැන්වීම් ප්රදර්ශනය කොට ඇත.
මෙම සුමානය තුළ කල් යන නඩු යළි කැදවන දිනයන්ද එම දැන්වීම් පුවරූවේම වැඩිදුරටත් ප්රදර්ශනය කොට ඇත.
මීගමුව දේශීය ආදායම් කාර්යාලයද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව එම කාර්යාලය ඉදිරිපිට ප්රදර්ශනය කොට ඇත.