නව කොරෝනා වෛරසය මුල් අවස්ථාවේ පැතිර යනවිට කොවිඩ්-19 අවදානම වඩාත් තීව්ර කළ මගී නෞකා ආශ්රිත පොකුරු යළිත් ඉස්මතු වෙමින්, සී ඩ්‍රීම් වන් නෞකාවේ මගීන් අතර කොවිඩ් ආසාදිතයන් හමුවීම සමග එය බාබඩෝස් හි නැංගුරම්ලා තිබේ.
මෙම නෞකාවේ සිටි පුද්ගලයන් පස් දෙනෙකු වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවන් සිදුකර ඇති බව කපිතාන්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ තත්ත්වය තුළ නෞකාවේ සිටින සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ඔවුන් සිටින කාමරවලම නිරෝධායනයට ල්කකර ඇති බව නෞකාව අයත් සමාගම පවසයි. කෙසේ වෙතත් ඒ කොපමණ කාලයකටද යන්න සඳහන් කර නැත.
නව කොරෝනා වෛරසය හේතුවෙන් මුල් අවස්ථාවේදී බිඳ වැටුණු මගී නෞකා කර්මාන්තය යළි නගාසිටුවීම ආරම්භ කරමින් කැරීබියානු මුහුදු කලාපයේ ගමන් ඇරඹි පළමු නෞකාව මෙම සී ඩ්‍රීම් වන් නෞකාව වන අතර, එය දැන් යළිත් වසංගතයේ ගොදුරක් බවට පත්ව තිබේ. ඒ අනුව මෙම පළමු සංචාරයට එක්ව සිටින මගීන් වැඩි දෙනෙකු අතර මාධ්‍යවේදීන් සහ බ්ලොග්කරුවන් සිටින බවද සඳහන්ය.