කොවිඩ්-19 රෝගීන් ඉන්දියාවේ ඉහළ යත්ම, එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය විවේක් මූර්ති කියා සිටියේ ඉන්දියාව තුළ වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් තමාටද පෞද්ගලිකව බලපෑම් එල්ල වී ඇති බවයි.
සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රජා බලකායේ ඊයේ (26දා) පැවති අදහස් දැක්වීමකදී මූර්ති පැවසුවේ "කොවිඩ්-19 හේතුවෙන් ඉන්දියාවේ මගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් බොහෝ දෙනෙක් රෝගාතුර වී තිබෙනවා. එබැවින් මෙය පෞද්ගලිකව මට බරපතල තත්ත්වයක්." යනුවෙනි.
මූර්ති කියා සිටියේ එක්සත් ජනපදය වැනි එන්නත් කිරීමේ වැඩසටහන් සමග ඉදිරියට යන රටවල් වෙනත් රටවල මේ ආකාරයෙන් වෛරසය ව්‍යාප්ත වීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.
"මෙය ගෝලීය වසංගතයක් බව අප දන්නවා. එයින් අදහස් කරන්නේ විසඳුම අපගේ ජනගහනයට එන්නත ලබාගැනීම පමණක් නොවන බවයි. ගෝලීය වශයෙන් ආසාදන අනුපාතය අඩු කිරීමට අප වගබලා ගත යුතුයි. ආසාදන පාලනයකින් තොරව ක්‍රියාත්මක වනවිට සහ වෙනත් රටවල ඉහළ අගයන් යටතේ ආසාදිතයන් වර්ධනය වනවිට එයින් අදහස් වන්නේ ප්රභේදයන් වර්ධනය වීමට වැඩි අවස්ථාවක් පවතින බවයි. ලෝකයේ වෙනත් රටවල පාලනයකින් තොරව වෛරසය පැතිරීම සිදුවුවහොත් කිසිදු රටක් අවසානයේදී ආරක්ෂිත නොවනු ඇති." මූර්ති කියා සිටියේය.
මේ අතර, ඉන්දියාවේ සේවය කරන එක්සත් ජනපද තානාපති කාර්යාල සේවකයන් දෙදෙනෙකු කොවිඩ්-19 ආසාදනය වී මියගොස් ඇති අතර, ඉන්දියාව තවත් ප්‍රබල රැල්ලකට එරෙහිව සටන් වදින විට තවත් 100කට වැඩි පිරිසක් මෑත සතිවලදී වෛරසයට ධනාත්මක වී තිබේ.
ඉන්දියාවේ සිටින එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයන්ට එන්නත් ලැබෙන්නේ කවදාද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරු ලබාදී නොමැති නිසා සමහර සේවකයන් කලකිරීමට පත්ව ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.