එලැඹෙන අගෝස්තු 01දා වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පුද්ගලයන් 618,523ක් මිය යනු ඇතැයි වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ නවතම ආකෘතියක් අනාවැකි පළ කරයි.
කෙසේ වෙතත් එක්සත් ජනපද ජනගහනයෙන් 95% ක් මුඛ ආවරණ පැලඳ සිටියේ නම්, එදින වනවිට කොවිඩ්-19 ආශ්රිත මරණ සංඛ්‍යාව 604,413ක් දක්වා පහත වැටෙනු ඇති බවද පවසයි.
එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ, මේ වනවිටත් කොවිඩ්-19 මර්දන එන්නත් වෛරසය පැතිරීමට එරෙහිව ඵලදායී මෙවලමක් වන නමුත්, ඒවා පරිපූර්ණ නොවන බවයි. ඒ නිසා මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම, ගෘහස්ථ ඒකරාශීවීම් හැකිතාක් අවම කිරීම වැනි පූර්වාරක්ෂාවන්ගෙන් එය අතිරේක විය යුතු බව වෛද්‍ය ඇන්තනි ෆවුසි අවධාරණය කරයි.
"මම එන්නත ලබාගෙන තිබුණත්, මුඛ ආවරණ පැලඳ නොසිටින මිනිසුන් ගැවසෙන ගෘහස්ථ හෝ ජනාකීර්ණ ස්ථානයකට කිසිසේත්ම මා යන්නේ නැහැ" ජාතික ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුස් වැඩිදුරටත් පවසා සිටියේය.