නව කොරෝනා වසංගතය හමුවේ පවා එක්සත් ජනපද පාර්ලිමේන්තුවේදී මුඛ ආවරණයක් පැලඳීම නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළ රිපබ්ලිකන් කොංග්රස් සභික ලුයි ගොමාර්ට් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබේ.
ඒ අනුව මුඛ ආවරණයක් හෝ සමාජ දුරස්ථවීමකින් තොරව තම කාර්ය සාහයකයන් මෙන්ම වෙනත් නීති සම්පාදකයන් සමගද ඔහු සභාගර්භය තුළ විශාල කාලයක් ගතකර තිබීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඉස්මතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහසක් ලබාගැනීමට ඇමෙරිකානු මාධ්‍ය ඔහුගේ කාර්යාලය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද ප්‍රතිචාරයක් ලැබී නැත.
ගොමර්ට් ජනාධිපති ට්‍රම්ප් සමග ටෙක්සාස් හි මිඩ්ලන්ඩ් වෙත එයාර්ෆෝස් වන් යානයේ පියාසර කිරීමට නියමිතව තිබුණත්, ඊයේ උදෑසන ධවල මන්දිරයේදී සිදුකළ පූර්ව පරීක්ෂණයකදී ඔහු මෙසේ වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර තිබුණි. මේ නිසා ඔහුට ජනාධිපතිවරයා සමග පැවති ගමනද අහිමි විය.
මේ තත්ත්වය තුළ ඔහුගේ කාර්ය සාහයකයන් තිදෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවද වාර්තා වෙයි.