දරුණු වසංගතයක් මධ්‍යයේ මුඛ ආවරණයක් පැලඳීම ප්‍රතික්ෂේප කරන හෝ නව කොරෝනා වෛරස් සීමාවන්ට විරෝධය දක්වන අය තමන්ගේම කුඩා ලෝකයක ගමන් කරන පිරිසක් බවට පවසමින් ෆ්‍රැන්සිස් පාප් තුමන් දැඩි විවේචනයක් සිදුකර තිබේ.
මීට පෙර අවස්ථාවක ප්‍රසිද්ධියේ මුඛ ආවරණයක් පැලඳ නොසිටීම සම්බන්ධයෙන් පාප් තුමන්ද යම් විවේචනයකට බඳුන් වූ අතර, සිය අතපසුවීම මගහරවාගත් ෆ්‍රැන්සිස් පාප්තුන් ප්‍රකාශයට පත් කරන ලද 'අනාගතයට හොඳ මාවතක් වෙනුවෙන් - අප සිහින දකිමු' යන සිය නව කෘතියෙන් මෙම වටිනා අදහස් ඉස්මතු කර ඇත. එතුමන් වැඩිදුරටත් ලියා ඇත්තේ මෙසේය.
"සමහර කණ්ඩායම් විරෝධය දැක්වූ අතර, දුරස්ථව සිටීම ප්‍රතික්ෂේප කරමින්, සංචාරක සීමාවන්ට එරෙහිව පෙළපාළි ගියා. ආණ්ඩු විසින් තම ජනතාවගේ යහපත සඳහා පැනවිය යුතු ක්‍රියාමාර්ග, පෞද්ගලික නිදහසට යම් ආකාරයක දේශපාලන ප්‍රහාරයක් ලෙස ඔවුන්ට පෙනෙනවා."
"ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දැක්වීමට හෝ උද්ඝෝෂණයට එවැනි පුද්ගලයන් සම්බන්ධ වී සිටින ආකාරය ඔබට කවදාවත් දැකගන්න ලැබෙන්නෙ නැහැ. ජලය හෝ අධ්‍යාපනය නොමැති පැල්පත් නගරවල හෝ ආදායම අහිමි වූ මුළු පවුල්වල දරුවන් වෙනුවෙන් ඔවුන් උද්ඝෝෂණය කරන ආකාරය ඔබට දැකගන්න ලැබෙන්නෙ නැහැ."
"ආයුධ වෙළඳාම සඳහා වැය කරන විශ්මය ජනක මුදල් මුළු මිනිස් සංහතියම පෝෂණය කිරීම සඳහා භාවිත කරනවා. ඒ වෙනුවට සෑම දරුවෙකුටම පාසලක් ලබාදීමට ඔවුන් විරෝධය දක්වන්නෙ නැහැ. එවැනි කාරණා සම්බන්ධයෙන් ඔවුන් කිසි විටෙකත් විරෝධය දක්වන්නෙ නැහැ. ඔවුන්ගේම කුඩා ලෝකයෙන් පිටත යාමට ඔවුන්ට නොහැකියි."
කොවිඩ්-19 සමග කටයුතු කිරීමේදී බොහෝ රජයන් දක්වා ඇති ප්‍රතිචාරය පාප්තුමා ප්‍රශංසා කර ඇති අතර, වසංගතයේ බරපතලකම නොසලකා හරින ලද ආණ්ඩුද දැඩිව විවේචනය කර තිබේ.
"සමහර රජයන් නොවැළැක්විය හැකි, දරුණු ප්‍රතිවිපාක සමග මරණ වැඩිවීමේ වේදනාකාරී සාක්ෂි ඉවත දමා කටයුතු කරන තිබෙනවා." එතුමන් ලිවීය.