ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මුඛ ආවරණ භාවිතය අනිවාර්යය කිරීමෙන් දින 20ක් ඇතුළත කොවිඩ්-19 ආසාදිතයන් සහ මරණවල සැලකිය යුතු අඩුවීමක් සිදුව ඇති බව එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි නව අධ්‍යයනයකට අනුව මෙම දත්ත අනාවරණය කර ඇති අතර, ඒ අනුව වසංගතය පාලනය කිරීමේදී, විශේෂයෙන්ම එන්නත්කරණයද ඇරඹී ඇති අවස්ථාවේදී මුඛ ආවරණ භාවිතයේ ඇති වැදගත්කම ඔවුන් අවධාරණය කර තිබේ.
ඇතැම් අවස්ථාවල එන්නත්කරණය සමග මුඛ ආවරණ ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු අත්හැරෙන ස්වභාවයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු අඟවා සිටි අතර, වසංගතය හමුවේ සැබෑ ජයග්‍රහණයක් ලබාගැනීමට එම සෞඛ්‍ය පුරුදු තවදුරටත් පැවැත්වීමේ වැදගත්කම එක්සත් ජනපදයේ ප්‍රමුඛතම වසංගත රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවා අවධාරණය කර තිබුණි.