මෙක්සිකෝවේ තවත් සති දෙකකින් සමහර ප්‍රාන්තවල ශිෂ්‍යයන් යළි පාසල් වෙත කැඳවන බව නිවේදනය කිරීමෙන් පසුව, චීනයේ කැන්සිනෝ කොවිඩ්-19 මර්දන එන්නත එරට ප්‍රාන්ත පහක ගුරුවරුන් සහ අනෙකුත් අධ්‍යාපන නිලධාරීන් සඳහා ලබාදීම අරඹා තිබේ.
ෆෙඩරල් සහ ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් කොහුවායිලා, නයාරිට්, තමවුලිපාස්, වේරාක්රස් සහ චියාපාස් යන ප්‍රාන්තවල අධ්‍යාපන කාර්ය මණ්ඩලය සඳහා ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කළ බව කියයි.
චීනයේ කැන්සිනෝ එන්නත භාවිත කරන රටවල් අතරට මෙසේ මෙක්සිකෝවද එක්ව සිටින අතර, දකුණු ඇමෙරිකානු රාජ්‍යය තුළ වසංගතය පිටුදැකීම සඳහා දැවැන්ත ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළක් දියත් කර තිබේ.