වසංගතයට එරෙහිව හදිසි භාවිතය සඳහා මෙක්සිකෝව විසින් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත (ඔක්ස්ෆර්ඩ් එන්නත) අනුමත කළ බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ලෝපෙස්-ගැටෙල් රමිරෙස් පවසයි.
මෙක්සිකෝවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සඳුදා වාර්තා කරන ලද නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,464ක් සහ අතිරේක මරණ 544ක් සමග රටේ සමස්ත ආසාදන 1,455,219ක් සහ මරණ 127,757ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිත පුද්ගලයින්ගේ හා මරණ සංඛ්‍යාවේ සැබෑ සංඛ්‍යාව නිල සංඛ්‍යාවට වඩා සැලකිය යුතු ලෙස වැඩි බව මෙක්සිකෝවේ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.