මෙක්සිකෝව ගෙවීගිය දිනයේ කොවිඩ්-19 වෛරස් ආසාදිතයන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, වසංගතය ආරම්භ වූ දා සිට රට තුළ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය ලෙස සැලකෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් සංඛ්‍යාව 2,973ත් සමග, සමස්තයක් ලෙස එරටින් වාර්තා වන ආසාදිත අගය 59,567ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙක්සිකෝවේ කොවිඩ්-19 ආශ්රිත මරණද ගෙවීගිය දිනයේ 420ක් වාර්තා වූ අතර, රටේ සමස්ත මරණ සංඛ්‍යාව 6,510ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
ආර්ථිකයේ ඇතැම් කොටස් සෙමෙන් නැවත විවෘත වන තෙක් මෙක්සිකානුවන්ට සමාජ දුරස්ථ මාර්ගෝපදේශ පිළිපැදිය යුතු වන අතර, අවම වශයෙන් මැයි 31දා වන තෙක් නිවසේ රැඳී සිටිය යුතු බව රජයේ සෞඛ්‍ය කෝවිඩ්-19 ප්‍රතිචාරයට නායකත්වය දෙන වසංගත රෝග විද්‍යා නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් හියුගෝ ලෝපෙස්-ගැටෙල් පැවසීය.
මැයි මස මුලදී සමහර සමාජ දුරස්ථ මාර්ගෝපදේශ ලිහිල් කිරීමෙන් පසුව මෑතකදී එරට ආසාදිතයන් වැඩිවීමක් අත්විඳින ටබාස්කෝ ප්‍රාන්තයට ඔහු විශේෂයෙන් පෙන්වා දුන්නේය.