චීනයේ මැකාව් විශේෂ පරිපාලන කලාපයේ අද (09දා) ආරම්භ වූ එන්නත් කිරීමේ වැඩසටහනේදී මැකාව් හි ප්‍රධාන විධායක හෝ ඉයාත් සෙන්ග් වෙත සීනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ.
මීට අමතරව රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ ඉදිරිපෙළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් එන්නත් කරන ලද අතර මැකාව් හි පදිංචිකරුවන්ට අද දහවල් සිට එන්නත් සඳහා ලියාපදිංචි විය හැකිය.
මාරාන්තික කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමට කලාපයට සහාය දැක්වීමට මධ්‍යම රජය ගත් උත්සාහයේ කොටසක් ලෙස පසුගිය 06දා සීනොෆාම් කොවිඩ්-19 එන්නත් මාත්‍රා 100,000ක් ලබාදී තිබුණි.