මංගලට අස්වෙන්නැයි වාසු කියයි
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.අද (06දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“වැරදි සහගත ක්‍රියාව නිවරදි කළ කරුණ අපි පිළිගන්නවා. මේ කාලය තුළ රේගුවට රුපියල් බිලයන 10ක් පමණ නැතිව තිබෙනවා. මෙහි වගකිම කාගෙද? මේ අධ්යක්ෂ ජනරාල්වරිය ජාවාරම්කරුවන් ගැන සොයා බැලීම නිසා ඇයව ඉවත් කළ ඇමතිවරයා ගත් තීරණය ගැන වගකීම කාගෙද? ඒ වරද නිවැරදි කිරිමත් එක්ක ඇමතිවරයා වැරදිකරු වෙනවා. ඇමතිවරයා ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ඇති හෙයින් ඔහු ඉල්ලා අස්විය යුතුයි. මේ තරම් පාඩුවක් ඇතිවන ලෙස වැරදි ක්‍රියාවක නිරත ඇමතිවරයාට තවත් එම ධුරයේ තිබිය යුතු නෑ. ”

popular news
-
Don Thursday, 07 February 2019 08:11 AM
මේ කසිකබල් දේශපාලනය කතා කරන කුනුහරුපයෙක්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
