මේ මොහොතේ අග්‍රාමාත්‍ය තනතුර හිමිවිය යුත්තේ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත්,එම පෙරමුණේ වෙනත් කිසිදු සාමාජිකයෙකු මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධුරය භාරගත යුතු නොවන බවත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බහුතරය පෙන්වුවද ඔහුට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම දේශපාලන සදාචාරයටද සම්පූර්ණ පටහැනි බැවින් අග්‍රාමාත්‍යවරයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවට වන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොකිරීමටද එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
ව්‍යවස්ථා විරෝධී පෞද්ගලික මතවාදවලට මේ මොහොතේ හිස නැමුවහොත් එය අනාගතයට වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවද මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික මතය වී ඇති අතර, රනිල් වික්‍රමසිංහ මහතා සමග තිබෙන පෞද්ගලික ප්‍රශ්න නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු සම්ප්රදාය කඩාදැමීමට කිසිවෙකුටත් ඉඩ දීමට හැකියාවක් නැති බවද මන්ත්රීකණ්ඩායම ඒකමතිකව තීරණය තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වූ මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන තිබේ. මේ අතර ඊයේ (28දා) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද මේබව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූඒ මහතා, "අග්‍රාමාත්‍යවරයා පිළිබඳ අපේ පක්ෂයේ කිසිම අර්බුදයක් නැහැ. අපි සියලුදෙනාම ඉන්නේ තවමත් එකම මතයේ. තාමත් අපේ දත් ගලවන්න මේ අයට බැරිවුණා. අපි පැහැදිලිව විශ්වාසකරනවා මේ ප්රශ්නය හෙට දවසේදී නිමාවෙයි කියලා.
මොකද පාර්ලිමේන්තුවේදී අගමැති කාර්යාලයේ වැය ශීර්ෂය කපාහැරීමෙන් පසුව ජනාධිපතිවරයාට තීරණයක් ගන්න සිදුවේවි. හෙටවත් ජනතාවට කන්දෙන්න කියලා මම ජනාධිපතිවරයාට කියනවා. එහෙම නොවුණොත් රටේ මේ රැල්ල කැරැල්ලක් වෙන්න පුළුවන්. ඒකට ඉඩ තියන්න එපා ජනාධිපතිතුමනි" යැයි හෙතෙම පැවසීය.