Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
මහින්ද රාජපක්ෂ මහතාට මාස කිහිපයකින් පසුව නිරායාසයෙන්ම රටේ පාලන බලය හිමි වෙනවා. මේ කුණු කන්ද බාර නොගෙන ඉන්න තිබුණා. දැන් මේ ලබාගත් ධූරය එතුමාට මොන තරම් කරදරයක්ද? මේ දිනවල පාර්ලිමේන්තුවේ චණ්ඩියකුත් නිර්මාණය වෙලා.රටේ පාලන බලය නිරායාසයෙන්ම තමන්ට හිමිවන බව දැන දැනත් රට ආරක්ෂා කිරීමේ වගකීමෙන් යුක්තව මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධූරය ලබාගත් බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක මහා මාර්ග අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසීය.
මහනුවර සිට තලාතුඔය දක්වා වූ කිලෝමීටර් නමයක දුරින් යුතු මාර්ගය පුළුල් කොට කාපට් යොදා සංවර්ධනය කිරිමේ සමාරම්භක උත්සවය අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ රටේ දේපළ ටික බේරගන්න, කඩා වැටෙන ආර්ථිකයෙන් රට ගොඩ ගන්න, මෙරට පෙඩරල් රාජ්‍යයක් වීම වළක්වා ගන්න, උතුරු නැගෙනහිර එක් කිරීම වළක්වන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කළ යුතුව තිබුණේ එකම එක දෙයයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කොට ඒ වෙනුවට ජනතාව ඉල්ලා සිටින ශක්තිමත් නායකයෙක් අග්රාමාත්යධූරයට ලබා දිය යුතුව තිබුණ බැවින් ඒ දුෂ්කර කාර්යය භාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ බවද ඒ මහතා පවසා සිටියේය.
චමිල් රූපසිංහ
popular news
nishantha Sunday, 02 December 2018 02:35 PM
මිදී තිත්තයි නේද?
Reply : 0 0
Wimal Sunday, 02 December 2018 02:35 PM
Menna minissu rata kalakala banakiyanawa JVP is coming ,get lost before you go to the welikadahotel again
Reply : 0 0
Champa Sunday, 02 December 2018 03:22 PM
ජනපති මෛත්‍රීෙග් කට්ටිය එකතු වෙලා මහින්දව බිල්ලට ගත්ත. ඒකයි වුනේ. ඒකට JO එකේ පිරිසකුත් එකතු වුන. ජනපතිට ඕනේ වුනේ ජනාධිපතිවරණෙකට ඉස්සෙල්ල මහ මැතිවරණෙකට ගිහින් මහින්දගේ පිහිටෙන් රටට එපා වෙච්ච තමන්ගේ SLFP රැලට ආපහු පාර්ලිමේන්තුවට යන්න පාර හදල දෙන්න. ළඟ මිසක් දුර පේන්නේ නැති මහින්ද ඒ ගැටේට අහුවුනා. මේ game එක එතනින් ඉවර නැහැ. මේක දිග game එකක්. මහින්දව මැතිවරණෙකට යවන්නේ මහින්දට ආදරේට නෙමෙයි. නියම plan එක ගෝඨාභයව ජනාධිපති ධූර අපේක්ෂකයා විදිහට ගේන එක. පරදින බව දැන දැන සිරිසේන චන්දෙට යන්නේ නැහැ. පෙන්නුවේ ඒක වුනාට ඊළඟට මේ වගේම pressure එකක් මහින්දට දානව ගෝඨාභයව ජනාධිපතිවරනෙට ඉදිරිපත් කරන්න කියල. පාර්ලිමේන්තු මැතිවරණෙ ඉස්සෙල්ල තියන්න ඕනෙකම තමයි සිරිසේනට හිටය වගේම ගෝඨාභයටත් මන්ත්‍රීවරු කල්ලියක් පාර්ලිමේන්තුවේ හදන එක. ඒක කරන්න නම් ඉස්සෙල්ල මහින්දව අන්දවන්න ඕනේ අගමැතිකම දීල. ඕක තමයි කලේ. පහුගිය අවුරුද 4 පුරා රනිල්ගේ පනත් වලට විරුද්ධව එක චන්දයක් දුන්නු නැති හිවල්ලුන්ට එක පාරට රට මතක් වෙලා. හොර ආණ්ඩුව ආවට පස්සේ කොටිත් නැගිටලා. හොර දේශප්‍රේමීන්ගේ කටේ පිට්ටු දැන්. රනිල් ඉන්නකොට වුනානම් රටම ගිනි තියල.
Reply : 0 0
Champa Sunday, 02 December 2018 03:36 PM
රනිල් රට විනාශ කලේ තනියම නෙමෙයි. සිරිසේනයි SLFP ඇමැතිවරුයි එක්ක එකතු වෙලා. මාගම්පුර වරාය විකුණන කොට ජනාධිපති බලය පාවිච්චි කරලා ඒක නැවැත්තුවේ නැහැ. 225 න්ම 5ස් දෙනයි විරුද්ධව චන්දෙ දුන්නේ. රනිල් ඉඩම් පනත ගෙනල්ල විදේශිකයන්ට ඉඩම් විකුණන කොට කැබිනට් එක ඒකට විරුද්ධ වුනේ නැහැ. ජනාධිපතිත් කට වහන හිටිය. තව රටට එරෙහි අනිත් කිසිම පනතකට විරුද්ධ වුනේ නැහැ. දැන් එනවා මෙතන රට ගැන කතා කරන්න. ඔය අන්තිම para එකේ තියෙන ටික කරන්න මහින්දව අගමැති කරලා හොර ආණ්ඩුවක් හදන්න ඕනේ නැහැ. ජනාධිපතිටම ඕවා නවත්තන්න තිබ්බ. හැබැයි අවුරුදු 4ක් ඒවා කලේ නැහැ. මහින්දව අගමැති කලේ තමන්ගේ පැවැත්මට මිසක් රටට ආදරේට නෙමෙයි. රනිල් කරන්න ඕනේ හරිය කරලා ඉවරයි. අවුරුද 4ක් ඉවසපු මිනිස්සුන්ට තව අවුරුද්දහ්ක් ඉවසන්න බැරි කමක් තිබ්බේ නැහැ. හදිස්සිය තිබුනේ රට වෙනුවෙන් නෙමෙයි තමන් වෙනුවෙන්. රනිල්ට උතුරු නැගෙනහිර එකතු කරන්න හෝ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනන තනියම බැහැ. ඒකට ජනාධිපතිගෙයි කැබිනට් එකෙයි පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්තයි ඕනේ. ඒකත් පට්ට බොරුවක්. ශක්තිමත් නායකෙයක් ඕනේ නම් 2015 අගෝස්තු ජනාධිපති UNP එකට සහයෝගය නොදී මහින්දට සහයෝගය දෙන්න තිබ්බ.
Reply : 0 0
Champa Sunday, 02 December 2018 03:54 PM
මහින්ද, මෛත්‍රී කුණු ගොඩ අරන් මහ මැතිවරණෙකට ආවොත් අනිවර්යයනෙම පරදිනවා. ඒ මොකොද කිව්වා නම් මෛත්‍රීට විරුද්ධ මිනිස්සු කිසි කෙනෙක් එතකොට මහින්දගේ පැත්තට චන්දෙ දෙන්න නැති නිසා. ලජ්ජා නැතුව මෛත්‍රී එක්ක වේදිකාවට ඇවිල්ල මහින්දට පුලුවන්ද මෛත්‍රීගේ අවුරුදු 4ක් එකතු වෙච්ච කිළුටු හෝදන්න? මහින්ද මෛත්‍රී ඉස්සර කරගෙන මැතිවරණ වේදිකාවට ආවොත් මිනිස්සු හූ කියලා තක්කලිත් ගහන්න ඕනේ වේදිකාවට. තක්කාලි ඕනේ නම් මගේ ගානේ බෙදන්න පුළුවන්. මහින්ද ලජ්ජා වෙන්න ඕනේ මෛත්‍රීගේ හොර ආණ්ඩුවේ අගමැති වෙන්න. හොර ආණ්ඩුවේ ඉන්නෙත් රනිල් එක්ක රට පාවලා දීපු ඇමතිවරුමයි. රනිල් එක්ක මාගම්පුර වරාය විකුනපු මහින්ද සමරසිංහ ඉන්නව. රනිල්ගේ PPP එක promote කරපු සරත් අමුණුගම ඉන්නවා. රේල්ලුව ගුවන් තොටුපොළවල් privatize කරන්න හදපු නිමල් සිරිපාල ඉන්නවා. මිනිස්සු චන්දෙන් පරාද කෙරුවම මෛත්‍රී පස්ස දොරෙන් ගෙනාපු එස් බී, ඩිලාන් වගේ කවදාවත් ආයේ චන්දයක් දිනන්න බැරි මිනිස්සු ඉන්නවා. 2015 අගෝස්තු මහින්දගේ වේදිකාවට ඇවිල්ල චන්දෙ දින්නට පස්සේ මහින්දව පාවල දීපු දයාසිරි, සුසිල්, අනුර ප්‍රියදර්ශන, චන්දිම (තව නම් මතක නැහැ) ඉන්නවා. තව අප්පච්චි මලෝත් ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd