මේ ආණ්ඩුව රෝසමල් යහනාවක ඉදලා වැඩ කරන ආණ්ඩුවක් නොවන බවත් මේ ආණ්ඩුවේ අගමැතිතුමා ඇතුළු අපි සියලුදෙනාම නොයෙකුත් අභියෝගවලට මුහුණ දුන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ ගම්පෙරළිය සංවර්ධන සංග්රාම වැඩ පිළිවෙල යටතේ දැවැන්ත දීප ව්‍යාප්ත වැඩ පිළිවෙළ යටතේ රත්නපුර නිවිතිගල හොරංගල ගම ඇතුළත මාර්ගය කොන්ක්‍රිට් කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යතුමිය,
“අපි අපේ වැඩ කොටස කරනවා. බැනර් නෑ. කටවුට් නෑ. පෝස්ටර් නෑ. හැබැයි මේ වැඩේ මුළු රටේම මේ විදියට සිද්ධ වෙනවා. එකම තැනකවත් අපේ කටයුතු අපි නවත්තලා නෑ. මේ ආණ්ඩුව රෝස මල් යහනාවක ඉදල වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි. මේ ආණ්ඩුවේ අපේ අගමැති තුමා ඇතුළු අපි සියලු දෙනාම නොයෙකුත් අභියෝගවලට මුහුණ දුන්නා.
2015 වේ ජනවාරි 08 වෙනිදා මේ රට ජනාධිවතිවරණය ජයග්‍රණය කරල දවස් ගාණකට පස්සෙ අපේ අගමැතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීලා අපි ආණ්ඩුව භාර ගත්තේ විශාල ණය කන්දරාවක් එක්ක. එසේ මෙසේ නෙමෙයි, බිලියන 10,000ක්. එහි පළවෙනි වාරිකය මේ අවුරුද්දෙ ජනවාරි මාසේ තමයි ගෙවන්න තිබ්බෙ. අපිට තමයි සමහර අය පෝස්ටර් ගහන්න, බැනර් ගහන්න, කටවුට් ගහන්න, එහෙම නැත්තන් ගිය හෙලිකොප්ටර් යානා වල බිල් ගෙවන්න, ලංගම බස් රථ අනිසි ලෙස භාවිත කරපුවට ගත්ත මුදල් වල ණය ගෙවන්න සිද්ධ වුණේ. අපි ඒවා තිබ්බා කියලා රටේ සංවර්ධනය, අපෙන් විය යුතු වැඩ කොටස අපි කොහෙවත් නවත්තල නැහැ.
ඔබ දන්නවා ආණ්ඩුව භාර ගෙන මාස 03ක් යන්න කලින් කුණු කන්දත් කඩාගෙන ගියා. 2017 වෙනකොට කවුරුත් හිතන් නැති විදියට අපි අවාසනාවන්ත විදිහට ආපදාවට ලක්වුණා. ගංවතුර ආවා. නාය ගියා. ජීවිත හානි වුණා. ඒ හැම අවස්ථාවෙදිම හැම කෙනෙකුටම මීට ඉස්සර කිසිම ආණ්ඩුවක් නොකරපු විදිහට සියලු දෙනාටම ඒ අවශ්‍ය වන්දි ගෙවන්න කටයුතු කළා. 2018 වෙනකොට අපි හිතුවේ නැති විදිහට බලයට පෙරේතකමින් හැමතිස්සෙම වැඩ කරන රාජපක්ෂ පවුලෙ උවමනාවට අපේ ආණ්ඩුව උදුර ගන්න කටයුතු කළා. අපි ඒත් නිකන් හිටියෙ නෑ.
අපි ප්රඡාතන්ත්රවාදීව 2015 අගෝස්තු 17 වෙනිදා පත්වුණේ. අපි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරල තියෙනවා. ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ මහත්තයත් ගත්ත තීරණයට විරුද්ධව අපිට අධිකරණයේ ස්වාධීනත්වය නිසා අපිට ආපහු ආණ්ඩුව පිහිටුවන්න පුළුවන් වුණා. අපිට අවුරුද්දක්ම ඒ නිසා නාස්ති වුණා. ඔක්තොබර් 26 ඉදලා රටට මේ අවුරුද්දට අයවැයක් තියන්න බැරි වුණා. ගිය අවුරුද්දෙ වෙන් කරපු මුදල් වලින් වැඩ කරන්න බැරි වුණා. දෙසැම්බර් මාසේ ආපහු ඇවිත් බලනකොට ඒ මුදල් වලින් වැඩකරන්න බෑ. මේ හැම එකක්ම කඩාගෙන වැටෙන තත්ත්වයකට පත් වුණා. ඒවා ඉවර කරලා සිංහල අවුරුද්ද ඉවරකරලා අනිත් පැත්ත බලනකොට මේ පැත්තෙන් බෝම්බ පිපිරීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා.
අපි මේ වැඩ කටයුතු නැවැත්තුවේ නෑ. මොකද මේවා විය යුතු දේවල්. අපි නිදහස් අධ්‍යාපනය ගැන කථා කරනවා, නිදහස් සෞඛ්‍ය ගැන කථා කරනවා. මනුස්සයෙකුට අත්‍යවශ්‍ය වතුර ටික දෙන්න බැරිනම් අද මොන දේවල් කථා කරත්, කොච්චර බැනර් ගැහුවත්, කටවුට් ගැහුවත් ඇති වැඩක් නෑ. ඉතිං අද අපි ඔක්කොටම සතුටු වෙන්න පුළුවන්. අද මේ හැම දෙයකටම අපි නායකත්වය දෙන්නෙ අපිට වැඩ පිළිවෙලක් තියෙන නිසා.
අපි කිවුවා නිදහසේ ජීවත් වීමේ අයිතිය ඇති කරනවා කියලා. අධිකරණයේ ස්වාධීනත්වය, රටේ හැම කෙනෙක්ම අධිකරණයට රටේ නීතියට යටත්වන විදිහට මේ රටේ සමාජය ඇති කරනවා කියල අපි කිවුවා. ඒ වගේම අනිත් පැත්තට බැලුවොත් අද මේ මාධ්‍ය මොන විදියට අපි ගැන කථා කලත් , අද මාධ්‍ය මහත්වරුන් එහෙම ප්රවෘත්ති විකෘති කරල අගමැතිතුමාටත් ආණ්ඩුවටත් නොයෙකුත් විදිහේ මඩ ගැහීමේ වැඩ පිළිවෙලක් යනවා. හැබැයි අපි කිව්වේ නෑ ඒ කාලේ වගේ මාධ්‍යවේදියෝ මරනවා කියලා. මාධ්‍ය ආයතන ගිනි තියනවා කියලා. අපි කිවුවේ ඕන දෙයකට නිදහස තියෙනවා, ඕන විදිහට විවේචනය කරන්න කියලා. මගෙන් කෙනෙක් ඇහුවා ඇමතිවරුන්ගේ ඇඳුම ගැන. මොකද අඳින එකයි බබාලා වඩා ගන්න එකටයි වැඩ කරපු යුගයක් තිබුණා. එහෙම කරපු යුගයේ වැඩක් කෙරුණේ නෑ. හැබැයි ලොකු සද්දයක් තිබුනා. මේ සද්දෙට තමයි හැම කෙනාම කතා කරන්න ගත්තේ. අද අපි වැඩ කරලා තියෙනවා. අපිට බය නැතුව කතා කරන්න පුළුවන් කොයි ඇමතිද අපේ වැඩ කරලා නැත්තේ කියන එක ගැන අභියෝග කරන්න පුළුවන්” යැයි අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසීය .
කෂිනි හපුආරච්චි