භූගත ජලයේ ගුණාත්මකභාවය ශීඝ්‍රයෙන් පහළට
ගංඟා ඇතුළු ප්‍රධාන ජල මාර්ග වෙත අපද්‍රව්‍ය බැහැරලීමත් එසේම වගා කටයුතු සඳහා යොදන රසායනික පොහොර හා ද්‍රව්‍ය වැසි ජලය සමඟ මුසුවී ප්‍රධාන ජල මාර්ග වලට එක්වීමත් හේතුවෙන් භූගත ජලයේ ගුණාත්මකභාවය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ නාගරික ජල කළමනාකරණය පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ 12 වැනි වාර්ෂික පාලක මණ්ඩලයේ සමුළුව අමතමිනි.
පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම වර්තමානයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන බරපතල ගැටළුවක් වන බවට එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ඉන් බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවද පැවසීය.
popular news
-
Demuni Uduwara Saturday, 05 June 2021 04:29 AM
No plan; no precautions.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

