Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 මැයි මස 05 වන සඳුදා
2025 මැයි මස 05 වන සඳුදා
බෞද්ධ ස්වරූපයෙන් වෙස්වළා ගෙන පෙනී සිටිමින් බුද්ධශාසනය විනාශ කිරීමට යටි උගුල් අදින සංවිධාන පාලනය කිරීමට ධර්මාධිකරණයක් ඉතා ඉක්මනින්ම පත්කළ යුතු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
එම ධර්මාධිකරණයට තීන්දු තීරණ ගැනීම සඳහා නීතිමය බලයක් ලබාදිය යුතු බවත්, එසේ නොවුණොත් එම ආයතනය සාකච්ඡාවලට පමණක් සීමාවනු ඇති බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
“ආණ්ඩුවකට කරන්න බැරි වැඩ රාශියක් භික්ෂු ශාසනය වෙනුවෙන් කිරීමට තිබෙනවා. මේ යුගයේ බෞද්ධ විරෝධීව, බෞද්ධ ස්වරූපයෙන් වෙස්වළා ගෙන පෙනී සිටිමින් බුද්ධශාසනය විනාශ කිරීමට යටි උගුල් අදින සංවිධාන ගණනාවක් ලංකාවේ පහළ වෙලා තිබෙනවා. ධර්මාධිකරණයක් වැනි වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරනවා නම් එම තත්ත්වයන් පාලනය කරන්න පුළුවන්.
මේ අතරේ ක්‍රිස්තියානි පාස්ටර්වරු බෞද්ධ සින්දු කියමින් බෞද්ධයන්ගේ ඔළුවට ඉනා බේත් කවන වැඩපිළිවෙළකුත් තිබෙනවා. ලංකාව පුරා වැඩසටහන් පවත්වන ඔවුන් බෞද්ධ පිරිස් අතර ජනප්‍රියතාව දිනාගනිමින් බෞද්ධයන් වෙනත් ආගම්වලට කැඳවාගෙන යන වැඩපිළිවෙළක් කරගෙන යනවා. බුදුදහමේ මූලික දර්ශනයට විෂබීජ දමන භික්ෂු වෙස් ගෙන සිටින පුද්ගලයන් පාලනය කරන්නත්, මේවා නැවත ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නත් ධර්මාධිකරණයක් අවශ්‍ය වෙලා තිබෙනවා“
popular news
siva Wednesday, 27 June 2018 08:02 PM
බුද්දාගමේ අයව වෙනත් ආගම වලට කැදවාගෙන යනවනම් අපට බැරි මොකද අනිත් ආගම්වල අයව බුදුද්දගමට ගන්න අනික අපේ නායක සුවමින්වහන්ස අපි බෞද්දයන් හැටියට පන්සල්වලට යන්නේ කීදෙනෙක්ද විමසලා බැලුවනම් දවසෙන් දවස පන්සලට යන හිහි පිරිස අඩුවෙලා මොන උපක්කර්මයක් යොදවල හිහි පිරිස වැඩිකරගන්න .
Reply : 0 0
Champa Wednesday, 27 June 2018 10:25 PM
තරඟෙට ඉන්නට පොතේ උඩින් - නෙදෙවෙනි වන්නට කියූ කලින් බුදු බණ දෙවනුව මගෙ බණ පළමුව - පිළිමත් සැලුනලු අමුතු බණින් . හිට්ලර් කෙරුවේ මිනීමැරුන් - ඇඟ කිළිපොලවයි එවැනි කියුන් ධර්මද්වීපය තෙමා ලෙයින් - බවුන් වඩන්නේ කෙළෙස කියන් . විසක් නසන්නට විසක් හොයන් - රටටම කිව්වලු දෙරණ හඬින් ඇළකුත් කැපුවලු අරම මැදින් - හිට්ලර් පරදයි දැහැමි රජුන් . පන්දහසක් පවතින සසුනේ - බිත්තිද දෙදරන ලකුණු පෙනේ ප්‍රඥා - සමාධි - ශීල ගුණේ - පෑල දොරින් පැන දුවනු පෙනේ . සැම සතහට සෙත පෑ දහම උතුම් - මෙත්තා කරුණා ගැයූ මුවින් යම රජු අංගුලි-මාල ආලවක - ඉල්ලන තරමට නොමඟ ගිහින් . කැළඹුණු ජන මන වියරු ලෙසින් - නිවනව වෙනුවට දහම් ගුණෙන් "ගහපිය මරපිය - ඉවරම කරපිය - බැරිනම් දීපිය අතට අරුන්" . "අවිගත්තන් නැසූ-නෙත් අවියෙන්" - බුදු හිමි දෙසුවේ නිව්නු හඬින් ධර්මය වැරදුනු අපේ සඟුන් - චණ්ඩාශෝකට පතයි නිවන් . මතු බුදු වන දෙවිඳුනි මෙතේ නමින් - හදවත පෑරෙයි ඇසෙන බණින් සසුනට වෙන වින බලා නෙතින් - ගිහියෙකුවත් වී වඩිනු කලින්!
Reply : 0 0
Manoj Wednesday, 27 June 2018 11:15 PM
Eeta passe kaagahanna puluwan ne "anduwa siurata atha thiyanoo" kiyala. Owata neda ape hamuduruwane maha naayaka wahansela inne? Maha naayaka himi waru sathapila ne inne,
Reply : 0 0
Wije Thursday, 28 June 2018 03:02 AM
කියන්න කෙසේ කීවට්ත් අසන්න සිහියෙන් ඇසිය yuthi
Reply : 1 0
පත්මසිරි Thursday, 28 June 2018 04:48 AM
අද ලංකාව රැකී තිබෙන්නේ බෞද්ධ භික්ෂුන් ආදී කාලයේ පටන් රට වෙන්වෙන් හඩක් නැගු නිසාය. පන්සල් තුලට සීමාවී සිටින භික්ෂුන් යය් කියාගන්නා මුදලාලියන් වැනි ව්‍යාපාර කරුවන්ගෙන් බුද්ධශාසනයට හෝ රටට වැඩක් නැත. බෙන්ස් කාර් දුන්විට ආණ්ඩුවට ආවඩන භික්ෂුන්ගෙන් ලංකාවට වැඩක් නැත.
Reply : 0 0
samson Thursday, 28 June 2018 05:59 AM
අනේ මන්දා මට ග්නානසාර කියලා නමක් මතක් වුනා.
Reply : 1 1
කපිල Thursday, 28 June 2018 08:28 AM
ජාතික හෙළ උරුමය තාමත් ඉන්නේ රජයේ. ඉතින් මේ කරුණු කියකියා ඉන්නේ නැතුව රජයට යූජනා කරලා සම්මත කරගන්න. රජය පිළිගන්නේ නැත්නම් රජයෙන් ඉවත්වෙලා යාම නේද කරන්න තියෙන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd