භානුකට අත්හිටවූ ක්‍රිකට් තහනමක්
- 5 07 2021
- 16:05
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
එමෙන්ම ඔහුට එරෙහිව අමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් ද පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.
මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට එක්වෙමින් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබද කෙරුණු විමර්ශනයකින් පසුව අදාළ දඩුවම පනවා ඇත.
කෙසේ නමුත් ඉදිරි තරගාවලි වෙනුවෙන් කොළඹ දී ජෛව ආරක්ෂි බුබුලකට ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් 13 දෙනා අතරට භානුක රාජපක්ෂ ද ඇතුළත් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
