ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට නියම්ත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව, බෙදුම්වාදයට සහ රණවිරුවන් මර්දනයට එරෙහිව ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ලාංකිකයන් පිරිසක් ඊයේ (24දා) උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ දුරකථනය ඔස්සේ සම්බන්ධ වී පැමිණ සිටි විරෝධතාකරුවන් අමතා ඔවුන් දිරිමත් කර තිබේ.
මෙම උද්ඝෝෂණය ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය නම් වූ සංවිධානයක් විසින් පවත්වා ඇති අතර එහිදී ෆෙඩරල් පරදවමු, රණවිරුවන් සුරකිමු, මවුබිම සුරකිමු සහ බෙදුම්වාදය දිනවන - රට අස්ථාවර කරන 20 වැනි ව්‍යවස්ථාව පරදවමු යන ආදී විරෝධතා පාඨ සඳහන් කරමින් එම පිරිස විරෝධතාවේ නියැළුණහ.




