බුස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිදු කර සෝදිසි මෙහෙයුමකදි බන්ධනාගාරයේ විශේෂ ඒකකයේ ඩී. 1 වාට්ටුවේ සඟවා තිබු හෙරොයින් ග්රෑම් 7ක් ජංගම දුරකතනයක් ,දුරකතන බැටරි 3ක් චාජර් 3ක්, දුරකතන අංක සහිත කුඩා පොතක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
