බුස්ස බන්ධනාගාර ප්‍රධානියෙකුගේ නිවසට ජිවඋණ්ඩ දමා යාම සම්බන්ධයෙන් පරික්ෂණ
බුස්ස බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයාගේ බුස්ස පන්සල පාරේ පිහිටි නිවසේ දොරකොඩ අසල පඩිපෙල මත තිබි ජිවඋණ්ඩ 05ක් අද (15) උදැසන සොයාගත් බැව් රත්ගම පොලීසිය පවසයි.
මෙකි නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා ඊයේ (14) රාත්‍රි 7.30ට පමණ නින්දට ගොස් ඇත. අද උදැසන 6.20ට පමණ අවදි වි දොර විවෘත කිරිමේ දි පඩිපෙල මත ජිවඋණ්ඩ 05ක් තිබි ඇත.
පසුව මේ පිළිබද මොහු පොලීසියට හා තම උසස් නිලධාරින්ට දැනුම් දි ඇත. ඉන් උණ්ඩ 04ක සිල්වා යනුවෙන් සටහන් කොට ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. පසුව එම උණ්ඩ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා විසින් තිබු ස්ථානයෙන් ඉවත් කොට ඇත.
රත්ගම පොලීසියේ අපරාධ අංශයේ නිලධාරින් විසින්,පොලිස් සොකෝ නිලධාරින් ඇඟිලි සලකුණු නිලධාරින් හා නිල සුනඛයකු ගෙන්වා මේ සම්බන්ධ පරික්ෂණ කටයුතු ආරම්භ කරණු ලැබිය. ජිව උණ්ඩ 05 පොලිස් භාරයට ගෙන ඇත. මෙකි සිද්ධිය සම්බන්ධව මේ වනතෙක් නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයාට තර්ජනයක් බලපැමක් වි නොමැති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත.
රත්ගම පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධ පරික්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

