බුදුදහම ප්‍රවර්ධනයට ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක්
ශ්‍රී ලංකාවේ බුදුදහම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපනය කිරීම අද (20දා) බුද්ධශාසන අමාත්‍යංශයේදී සිදුකෙරිණි.
ඒ සඳහා ජාත්‍යන්තරය නියෝජනය කරමින් වැඩමකරන ලද භික්ෂුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහභාගිත්වයෙන් පවත්වන ලද විශේෂ සාකච්ජාවකින් අනතුරුව මෙම ජාත්‍යන්තර සංවිධානය Global Buddhist Council (GBC) නමින් ස්ථාපනය කෙරිණි.
බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව, ඒ මහතාගේ ආරාධනයෙන් ආරම්භ කරන ලද මෙම සංවිධානයට ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ (ප්‍රංශය) ආචාර්ය පූජ්‍ය ටී. ධම්මරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය නියෝජනය කරමින් සිවාමීන් වහන්සේලා කිහිප නමක් සහභාගි වූහ.

popular news
-
Champa Friday, 20 July 2018 06:05 PM
මේ මොකක්ද දෙයියොනේ? හිනා වෙන්න හොඳ නැහැ. ඒ වුනාට මම මොකොද කරන්නේ? මට මේක ලියන කොටත් හිනා යනවා. මේ කියලා තියෙන එක හරිද? "ශ්‍රී ලංකාවේ බුදුදහම ප්‍රවර්ධනය කිරීම සඳහා.." "ශ්‍රී ලංකාවේ" කිව්වා? Printing mistakeද? මේක වෙන්න ඕනේ අනිත් පැත්තටනේ. "ජාත්‍යන්තරයේ බුදු දහම ප්‍රවර්ධනය කිරීම සඳහා" කියලනේ වෙන්න ඕනේ. ලංකාවේ බුදුදහම ප්‍රවර්ධනය කරන්න දෙයක් නැහැ. යහපාලන ආණ්ඩුව එන්න ඉස්සෙල්ල බුදු දහමට තර්ජනයක් තිබ්බේ නැහැ. මිනිස්සු සාමකාමීව, කිසිම කරදරයක් තහංචියක් නැතුව බුදුදහම ඇදහුව. මෙතන කරන්න තියන එකම දේ ශ්‍රීලංකා ආණ්ඩුව විසින් ශ්‍රීලංකාවේ බුද්ධ සාසනයට එරෙහිව කරන මර්දනය නතර කිරීමට සමස්ත ලෝකවාසි බෞද්ධයන් සැමදෙනා එකට අත්වැල් බැඳ ගැනීම. යහපාලන ආණ්ඩුව කරන්නේ බෞද්ධයන් අසමගි කරන එක. දැන් බලන්න ජනාධිපතිතුමා කරපු එක. සමහර සිල්වත් බෞද්ධ හාමුදුරුවරු ලව්වම කියව ගත්ත එල්ලුම්ගහ හොඳයි කියල. පන්සිල් වල පළවෙනිම, පළවෙනිම ශික්ෂාපදේට විරුද්ධව හාමුදුරුවරු ලව්වම කියව ගත්ත. මේක හිතාගන්නවත් පුළුවන් දෙයක්ද? දැන් අන්න "බෞද්ධ සංහාර පනතකුත්" ගෙන්න යනවා. Look at the big picture, හාමුදුරුවනේ!
Reply : 0 0
lakshman s. perera Saturday, 21 July 2018 08:23 AM
බුදුන් ලොව පහල උනේ කුමක් පිණිසද යන්න සැමට අමතක වෙලා සසර දුකින් මිනිසුන් ගලවා ගෙනිමට බන කියන්නේ කියෙන් කී දෙනාද ? සමහර ස්වාමීන්වහන්සේලා ජාතිවාදීන් බුදුන් ඉගෙන්වූ කරුණාව දයාව වෙනුවට වෛරය වපුරනවා සමහරු සිවුරු උස්සගෙන පෙළපාලි යනවා සමහර අය අපචාර වල යෙදෙනවා සමහරු පන්සල් හදන මුවාවෙන් සල්ලිකාර ධනපතියෝ වෙලා මහා මහනයකවරු දෙසපාලුවන්ට කඩේ යනවා අද ඔනී සාසනය සුද්දකර හරි බුදුදහම ඇතිකළ හැකි තක්කඩි හොර හාමුදුරු වරුන්ට බයනැති පාලකයෙක් එදාට බුදුදහම නිසිලෙස ප්‍රවර්දනය වෙනවා නොඅනුමානයි
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

