ලෙබනනයේ බීරූට්හි සිදුවූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි බීරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එරට මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බවද තානාපති කාර්යාලය පවසයි.
මෙම පිපිරීම හේතුවෙන් හේතුවෙන් බේරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයට හා තානාපති කාර්යාල නිලධාරීන්ගේ නිවෙස්වලG සුළු හානි සිදුව ඇති බවත් තානාපති කාර්යාලය පවසයි.
කෙසේ වෙතත් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට කිසිදු තුවාලයක් සිදුව නොමැත.ශ්‍රී ලාංකිකයන් 25000 ක් පමණ මේ වන විට ලෙබනනයේ වෙසෙන අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24ම ක්‍රියාත්මක දුරකතන සේවාවක්ද මේවන විට ආරම්භ කර තිබේ.
ඒ අනව +961 5769585 යන දුරකතන අංකයෙක් හා [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් තොරතුරු ලබාගැනීමේ අවස්ථාව පවතී.