බිලියන 12කින් ඉදිවෙන දකුණු ආසියාවේ විශාලම වෘක්කවේදි රෝහල
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීමක් අනුව චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන - ශී‍්‍ර ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් හෙට (21දා) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි.
උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිර සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය.
එමෙන්ම රෝගී ඇදන් 200 කින් සමන්විත වාට්ටු සංකීර්ණය, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100 කින් සමන්විත බාහිර රෝගි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගි හා විශේෂිත වෘක්ක රෝගී සායන සංකීර්ණය හා වෘක්ක බද්ධ කිරීමේ සේවාව සඳහා අවශ්‍ය නවීන ශල්‍යාගාර 6 ක් මීට ඇතුළත්ය.
ආසන 200 කින් සමන්විත නවීන ශ්‍රවණාගාරයක් සහ වාහන 300 ක් ගාල් කළ හැකි රථ ගාලක් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් ඇතුළු පහසුකම්වලින් ද යුක්තය.
මාස 24 ක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව 2020 ජූලි මාසයේදී ව්‍යාපෘතියේ කටයුතු නිමවනු ඇති.

popular news
-
Champa Friday, 20 July 2018 06:29 PM
මේක පරිත්‍යාගයක් වෙන්න ඇති නේද? මේ ආණ්ඩුව ආවට පස්සේ රෝහල් කීයක් ඉඳිකරන්න මුල්ගල තිබ්බද? මට හොඳට මතකයි වකුගඩු රෝහලකට ජනාධිපතිතුමා මුල් ගල තිබ්බ. තව ප්‍රංශයෙන් වගේ මතක, මහා විශාල ණයක් අරන් පන්සලක ඉඩමකුත් පවරාගෙන තව මොකක්ද රෝහලක් හදනව කියලා රාජිත කිව්වා. රෝහල් අරින එකටයි හිරගෙවල් අරින එකටයි ලංකාණ්ඩුව ලජ්ජා වෙන්න ඕනේ. රෝගීන් අඩු කරන්න නම් කරන්න ඕනේ රෝග නිධානය හොයාගෙන, රෝගය ඇතිවෙන්න හේතුව හොයාගෙන ඒ හේතුව නැති කරන එක මිසක් මිනිස්සු රෝගී වෙන්න ඇරලා බෙහෙත් ගන්න ඉස්පිරිතාල හදන එක නෙමෙයි. වෙන රට වලට නැති මහා නිධානයක් මේ පුංචි රටේ තියෙනව. ඒ තමයි අපේ හෙළ වෙදකම. ගමක් ගත්තොත් හැම වත්තකම බෙහෙත් පැලැටි තියෙනවා. විකාරෙන් වගේ ඉස්පිරිතාල හදන්න ණය ගන්නේ නැතුව හෙළ වෙදකමට තැනක් දෙන්න ඕනේ. පර්යේෂණ කරන්න ධෛර්යය දෙන්න ඕනේ. පහසුකම් දෙන්න ඕනේ. මිනිස්සු හැම තිස්සෙම රෝගී වෙන්නේ ශරීරයේ ප්‍රතිශක්තියක් නැති නිසා. ඒ ගැනයි අවධානය යොමු වෙන්න ඕනේ.
Reply : 0 0
Champa Friday, 20 July 2018 06:40 PM
It is “believed” that the quality of water is the reason for Sri Lanka’s “mysterious” chronic kidney disease in 5 districts which are Anuradhapura, Polonnaruwa, Ampara, Trincomalee and Kurunegala. It can be fertilizer, it can be aquifers, I don't know. 1% of this money could be easily utilized to address that issue. --- You know what Mr. President, hand over the country to former President and go home! I am sure he will take "a new approach" to address this issue.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

