බැසිල්ට ප්‍රතිකාර ගන්න ඇමෙරිකා යන්න අවසර
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකාව බලා පිටත්වීමට කොළඹ මහාධිකණය අද (16දා) අවසර දුන්නේය.
ඉකුත් ජනාධිපතිවරණය සමයේදී දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් අවභාවිත කරමින් ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුව අද කැඳවූ අවස්ථාවේදි මහාධිකරන විනිසුරු ඒ.ආර්.ඒ. හෙයියන්තුඩුව මහතා මෙසේ බැසිල් රාජපක්ෂ මහතාට විදේශගතවීමට අවසර දුන්නේය.
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කළේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අගෝස්තු මස 10 වන දා සිට නොවැම්බර් මස 10 වන දා දක්වා කාලසීමාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට අවශ්‍ය ඇති බවයි.
මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති වුවත් ඉදිරි නඩු විභාගවලට බාධාවක් නොවන පරිදි මෙම ඉල්ලීමට ඉඩ දෙන මෙන්ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ කාලසීමාව තුළ විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා දැනට අධිකරණ භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදා හරින මෙන් ද නියම කළේය.

popular news
-
Don Monday, 16 July 2018 05:44 PM
Why he goes to USA ? to spend the black -money deposited there
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

