ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ව්මර්ශන කොමිෂන් සභා වාර්තාවේ සී 350 වාර්තාව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමෙන්තුව විසින් ප්‍රසිද්ධ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
මානව හිමිකම් කේන්ද්‍රය ජනාධිපති ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස මාස 7කට පසුව බැඳුම්කර වාර්තාවේ කෝප් කමිටු සාමාජිකයන්ගේ සහ හිටපු මුදල් අමාත්‍යවරයාගේ දුරකථන දත්ත වාර්තාව ඇතුළත් ‘සී 350‘ ප්‍රසිද්ධියට පත් කොට ඇති අතර අදාළ ලේඛනය ඕනෑම පුද්ගලයෙකුට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබා ගැනීමේ හැකියාව තිබේ.
ඒ අනුව සී 350 ලේඛනය ලබාගැනීමට උනන්දුවක් දක්වන අයට එය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් මුදල් ගෙවා ලබා ගත හැකි අතර පිටු 127ක ස්කෑන් පිටපතක් රු. 12,875කට ආසන්න මුදලක්ද, සීඩී තැටියකට පිටපතක් ලබා ගැනීමට රු. 5255ක් පමණ මුදලක් අය කරනු ඇති බව එම කේන්ද්‍රය සඳහන් කරයි.
එමෙන්ම මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලා සිටිනු ලැබූයේ සම්පූර්ණ බැඳුම්කර වාර්තාව වන අතර එහි සී 350 පිටු 127 පමණක් නොවන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය තවදුරටත් සම්පූර්ණ බැඳුම්කර වාර්තාව ලබා ගැනීමට උත්සාහ දරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
