බැඳුම්කර කොමිෂන් වාර්තාවේ ප්රසිද්ධ නොකළ කොටස් හා දූෂණ චෝදනා 28ක් සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිසමේ වාර්තාවේ පරිවර්තන ඉක්මනින් සභාවට ලබාදෙන ලෙසට නව ජනාධිපති ලේකම්වරයා වෙත යළි දැනුම් දුන් බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) ප්රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව ප්රකාශ කළේය.
බැඳුම්කර කොමිෂන් වාර්තාවේ ප්රසිද්ධ නොකළ කොටස් පාර්ලිමේන්තුවට ලබාදීම ප්රමාද කිරීමත්, විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාවේ පරිවර්තන ලබා නොදී ප්රමාද කිරීමත්, ආණ්ඩුවේ වංචා වසා දැමීම සඳහා ඕනෑකමින් කරන දෙයක් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
