බැඳුම්කර වාර්තාවේ තුන්වැනි ඇමුණුමක් නෑ - ජනාධිපති ලේකම්
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කොමිෂන් සභා වාර්තාව සමග 3 වශයෙන් සඳහන් ඇමුණුමක් ඉදිරිපත් වී නොමැති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (03දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කර ඇති ප්‍රකාශයක් උපුටා දක්වමින් පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට පෙන්වා දෙමින් ලේකම්වරයා මෙම නිවේදනය නිකුත් කොට තිබේ.
ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා ඊයේ (02දා) ජාතික ලේඛනාරගාරයට ගොස් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ 3 වැනි ඇමුණුමේ පිටපතක් එහි අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ වාර්තාවට අදාළ 3 වැනි ලේඛනයක් තමන් වෙත බාරදී නොමැති බව සඳහන් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ 1, 2, 4, 5 වශයෙන් ඇමුණුම් ඉදිරිපත් වී ඇතත් 3 වශයෙන් සඳහන් ඇමුණුමක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ පිළිබඳ බැඳුම්කර විමර්ශන කොමිසමේ ලේකම්වරයා විසින් තමන් වෙත දෙනුම් දී ඇති බවත් ලේකම්වරයා එම නිවේදනය මගින් අවධාරණය කොට සිටියි.
එමෙන්ම මෙය බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට ඇතුළත්ව ඇතැයි පවසන මන්ත්‍රීවරු 118 දෙනාගේ නම් ලැයිස්තුව හා සමාන ප්‍රකාශයක් බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

-
Champa Tuesday, 03 July 2018 08:05 PM
මේක ලොකු බොරුවක්. කිසි දවසක ඇමුණුම් number කරන කොට එක number එකක් skip කරලා number කරන්නේ නැහැ. හදිසියෙන්වත් එහෙම වරදක් වෙලා නම්, ඒක දැක්කේ print කලාට පස්සේ නම්, erratum කියලා කොලයක් දානව ඒ වැරැද්ද ගැන කියලා. මේකේ එහෙම කරලා නැහැ. ජයන්ත හරි. 3 වෙනි ඇමුණුම තමයි වැදගත්ම එක. ඒක හංගල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

