කොකේන් ගුලි ලෙස සකස් කර ඒවා ගිල ශ්‍රී ලංකාවට පැමිණ කටුනායකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත්වූ බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් පිටතට ගත් කොකෙන් තොගයේ වටිනාකම රුපියල් මිලිය 35ක් බව පොලීසිය පවසයි.
පසුගිය 30 දා ඊයේ (01දා) සැකකරුවන් දෙදෙනා අවස්ථා දෙකකදී දෝහා සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. සැකකරුවන් අවුරුදු 30 ක් හා 24ක් වූ පුද්ගලයන් විය.
පළමු සැකකරුගෙන් කොකේන් ගුලි 88ක් හා දෙවන සැකකරුගෙන් කොකේන් ගුලි 65ක් සොයාගෙන තිබුණි. මෙම ගුලි 153 බර කිලෝග්‍රෑම් 1.400ක් විය. සැකකරුවන් මීගමුව රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ පසුවෙති.