බහුදින ධීවර යාත්රාවෙන් ඇද වැටුණු තරුණයාගේ සිරුර තංගල්ල වරායට
කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්රාවකින් හදිසියේ මුහුදට ඇද වැටීමෙන් මියගියැයි කියන 21 හැවිරිදි තරුණයකුගේ සිරුර ඊයේ (20) රාත්රියේ තංගල්ල ධීවර වරායට ගෙනා අතර මහේස්ත්රාත් පරීක්ෂණය අද (21) තංගල්ල ධීවර වරායේදී සිදුකෙරිණි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ දික්වැල්ල ප්රදේශයේ පදිංචි කවිඳු මිහිරංග නම් 21 හැවිරිදි දික්වැල්ල නගරයේ හෝටලයක හිමිකරුවකු බව පොලිසිය කියයි.
මියගිය තරුණයා ඉකුත් 7 වැනිදා ධීවරයන් පස් දෙනකු සමඟ කුඩාවැල්ල ධිවර වරායෙන් “තරුෂ පුතා 3” බහුදින ධිවර යාත්රාවෙන් පිටත්ව ගොස් ඇති අතර 17 වැනිදා අළුයම 4.00ට පමණ දැල් එලීමේදී එය පැටලීමෙන් මුහුදට වැටී ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි. යාපනය ගැඹුරු මුහුදේදී අනතුර සිදුව තිබූ අතර මුහුදට වැටුණු තරුණයා බේරා ගැනීමට තවත් තරුණයකු මුහුදට පැන්නද ඔහු බේරා ගැනීමට නොහැකි වී තිබේ. මිය ගිය තරුණයාගේ මහේස්ත්රාත් පරීක්ෂණය අද (21) තංගල්ල මහේස්ත්රාත් අධිකරණයේ ප්රධාන මහේස්ත්රාත් එල්.ටී.වරුසවිතාන මහතා විසින් තංගල්ල ධීවර වරායේදී සිදුකළේය.
අනිෂා මානගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

