පුත්තලම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (23දා) පෙරවරුවේ නිකුත් කළ අවවාදාත්මක කාලගුණ විද්‍යා නිවේදනයකින් ඔවුන් සඳහන් කරන්නේ අද සිට ඉදිරි දින තුනක කාලයක් සඳහා මෙය වලංගු බවයි.
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇතිවිය හැකි බවත් සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවත් ඔවුහු පෙන්වා දෙති.
