බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන බවට අග්‍රාමාත්‍ය කාර්යාල බලධාරීන් අද (20දා) පොරොන්දු වූ බව බාහිර උපාධි සුරකීමේ සංවිධාන එකමුතුව සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී බාහිර උපාධිධාරීන් නොසලකා හැර තිබෙන බවත්, මේ පිළිබඳව අද (20දා) අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා කළ බවත්, එම සාකච්ඡාවලට අනුව මෙම පොරොන්දුව ලබාදුන් බවත් එම සංවිධානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා සඳහන් කළේය.
ලබන 27 වන දිනට පෙර රට තුළ තිබෙන පුරප්පාඩු ගණනය කර අදාළ බඳවාගැනීම් සිදුකරන බවට පොරොන්දු වූ බවටද අරලියගහ මන්දිරය ඉදිරිපිට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අඹේපිටිය මහතා කියා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා