පුගොඩ මණ්ඩාවල කුරුදුහේන ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමෙන් හා තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි පුගොඩ පොලීසිය පවසයි.
පරණ කොන්තරයක් මුල්කරගෙන දෙපාර්ශවයක් අතර ඇතිවු බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා රදාවාන රෝහලටත් ඇතුලත් කිරිමෙන් අනතුරුව මෙසේ මියගොස් ඇත්තේ මණ්ඩාවල කුරුදුහේන පදිංචි ලලිත් රාජපක්ෂ නැමැති 50 හැවිරිදි දෙදෙරු පියෙකි.
සිද්ධිය වු ස්ථානයට ගිය පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලිපුලී ලංකාපුර මෙනෙවිය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකල අතර සිද්ධියෙන් මියගිය අයගේ මෘතශරීරය ගම්පහ මුලික රෝහලවෙත රැගෙන ගොස් ගම්පහ අධිකරණ වෛද්‍යවරයා මගින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකොට වාර්තාව පුගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගම්පහ මහේස්ත්රාත්වරයාට නියෝග කළාය.
තවද සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසද මහේස්ත්‍රාත්වරිය පුගොඩ පොලීසියට නියෝග කළාය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් පලිහක්කාර , සහකාර පොලිස් අධිකාරී බස්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත පුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආටිගල , උපපොලිස් පරීක්ෂක ප්‍රේමසිරි, උපපොලිස් පරීක්ෂක තිලකරත්න යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.