බස්නාහිර ට්‍රැෆික් අඩුකිරීමට සුඛෝපභෝගී බස්රථ
පොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිත කෙරෙන බස් රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ල පහත් වඩාත් සුවපහසු හා ආරක්ෂිත බස්රථ සේවයට යෙදවීමට රජයේ අවධානය යොමුව තිබේ. එසේම ඒ සඳහා බස්රථ හිමියන් දිරිගැන්වීමට ඔවුන්ට 'ව්‍යවසාය ශ්‍රී ලංකා වැඩසටහන' යටතේ සහන ණය පහසුකම් සැලසීමට රජයේ තීරණය කර තිබේ.
මේ සම්බන්ධව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. දැනට තම ගමනාගමන පහසුකම් සඳහා පුද්ගලික රථවාහන භාවිත කරන මගීන්, පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

popular news
-
Champa Wednesday, 08 August 2018 07:06 PM
මොන බොරු වැඩක්ද? මේකත් කාට හරි කොමිස් කුට්ටියක්. අරහෙන් මහාගානක ණයක් අරගෙන LRT පටන් ගන්න කියලා. ඒකට කිව්වෙත් traffic අඩු කරන්න කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
