බස් වර්ජනය අද රාත්රියේ
බස්රථ රියැදුරන්ට ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන බැවින් අද (09දා) රාත්රියේ ආරම්භ කළ බස්රථ සේවක වැඩවර්ජනය හෙට (10දා) රාත්රී 12 දක්වා පැවැත්වෙන බව සමස්ත ලංකා මගී ප්රවාහන සේවක සංගමය සඳහන් කරයි.
තම සංගමයට අයත් බස්රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් මෙම වැඩවර්ජනය සිදුකරන බවත්,මෙම ක්රියාමාර්ගයට ප්රතිචාර නොලැබුණොත් ලබන 22 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවත් එම සංගමයේ ජාතික සංවිධායක කුමාර රත්න රේණුක මහතා සඳහන් කළේය.
අසාධාරණ ලෙස ඉහළ දැමූ දඩ මුදල් අවස්ථා පහක් පහළ දමන ලෙස ඉල්ලා සහ බස්රථ නිල් වර්ණයෙන් වර්ණවත් කිරීමට ගෙන ඇති තීරණයට හා කාබන් බද්දට එරෙහිව රියැදුරන්ට නීතිය ක්රියාත්මක නොකරන ලෙස ඉල්ලා මෙම වැඩවර්ජනය සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.
නව දඩ සංශෝධන යටතේ බීමත් රියැදුරන්ට හා රිය බලපත්රයක් නොමැතිව වාහන ධාවනය කරන්නන්ට එරෙහිව ඉහළ දැමූ දඩ මුදලට එකඟ බවද ඒ මහතා සඳහන් කළේය.
එහෙත් මාර්ග පුළුල් නොකිරීම, බස්රථ සේවකයන්ට අවශ්යපහසුකම් ලබානොදීම හා යටිතල පහසුකම් දියුණු නොකිරීම හේතුවෙන් අනෙකුත් දඩ මුදල් සංශෝධන පහ ඉවත් කළ යුතු බවද ජාතික සංවිධායකවරයා පවසා සිටියේය.

popular news
-
Ravi Tuesday, 09 April 2019 06:50 PM
නීති එපා කියල ස්ට්රයික කරන රටක් තියෙනවද? උන් එපා කීවට නීති නොදාන රටක් තියෙනව ද?
Reply : 0 0
Kumar Wednesday, 10 April 2019 01:13 AM
පුද්ගලික බස් රථ රියදුරන් බස් පදවන්නේ හරියට පාර බදු අරගෙන වගෙ. මේ අය බස් රථය ධාවනය කරන්නේ අන්වහන ගැන කිසිම තැකීමක් නැතිවයි. මම ගමන්ගත් බස් රථය පොලිස්සියෙන් කුරුණෑගලදී නැවැත්තුවා. සියලුම ලියකියවීලි තිබුනත් බස් රථයේ පාට පොතේ තිබෙවට වඩා වෙනස් කියා දඩගහන්න හැදුවා. ඒ විට බස් රියැදුරා පගාවක් දීමෙන් එය මගහැරවගත්ත. ඒ කෙසේ වෙතත් අවුරුදු සමයේ තමගේ නිවෙස්බලා ගමන්කරන මගීන්ට අවහිර කරන එක සාධාරණ නැතිවග කියන්න ඕනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

