බස් රථ රියදුරන් විසින් සිදුකරනු ලබන මාර්ග නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු රථ වාහන කොට්ඨාශයේ පොලිස් නිලධාරියෙකු මගී බස් රථවල සාමාන්‍ය මගියෙකු සේ ගොඩවී රියදුරු විසින් සිදුකරනු ලබන වැරදි සටහන් කිරිම සිදුකරනු ලබයි.
එලෙස කරනු ලබන වැරැද්ද, වෙලාව සහ කිනම් බල ප්‍රදේශයේද යන්න සිවිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියා සටහන් කොට ඒවා මාර්ග රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දැනුවත් කොට දඩ මුදල් අය කිරිමක් හෝ නඩු පැවරිම සිදුකරනු ලබයි.
