බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 12 නෙකු කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.
ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල පිහිටි අධිකරණ මගින් රක්ෂික බන්ධනාගාර ගත කරණු ලැබු රැදවියන් 40 දෙනෙකු නිරොධායනය සදහා බුස්ස බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත. මොවුන් නිරෝධායනය වෙමින් සිටියදි කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඉන් 12 නෙකුට කොරෝනා වෛරසය ආසාධනය වි ඇති බවට තහවුරු වි ඇත.
ආසාදිත රැදවියන් 12 දෙනා අගුණුකොළපැලැස්සේ පිහිටි කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කළ බවද බුස්ස බන්ධනාගාරය පවසයි.
ජිනේෂ් නානායක්කාර