ඉදිරි මැතිවරණයේදී එකට කටයුතු කරන ලෙස තමන් ශ්රී ලංකා නිදහස් පක්ෂයට යෝජනා කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
එම පක්ෂයේ පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“පළාත් පාලන මැතිවරණයේදි ඡන්ද ලක්ෂ 14ක් ලබා ගත් ශී්ර ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේ නිවැරදි තීන්දුවක් ගනියි කියලා අපි විශ්වාස කරනවා. ශී්ර ලංකා නිදහස් පක්ෂය එක්ක අපි සාකච්ඡා කළේ අවංකවයි. ශී්ර ලංකා නිදහස් පක්ෂයේ තින්දුව වැදගත් කියලා අපි විශ්වාස කරනවා.
අපි සාකච්ඡා කරන අවස්ථාවේ නියෝජිත පිරිසගෙන් ප්රශ්න කලේ ඔබලා තනිව තරග කරනවා නම් දිනන්නද තරග කරන්නේ කියලයි. ඔවුන් කිව්වේ අපිට දිනන්න බැරිබව දන්න බවයි. එහෙම නම් කාව හරි පරද්දන්නද තරග කරන්නේ. එහෙම නම් දිනවන්නේ කවුද? ඒ දිනවීම තුළින් රටට යහපතක් වෙනවාද? කියලා ඇහුවමත් කියන්නේ නැහැ කියලයි.
දිනන්න තරඟ කරනවා නම් අපිත් සුබ පතනවා. වෙන කෙනෙක් දිනවන්න උත්සාහ කළොත් රටත්,පාක්ෂයත් අවසන් වෙනවා. ඒ දේ කරන්න එපා කියලයි අපි ඉල්ලා සිටින්නේ. ඉදිරි දින 90 තුළ අපි එක්ව කටයුතු කරමු. සිරීපාදේ නගින කොට වගේ පැති දෙකෙන් නැගලා හරි එක තැනට යන්න අධිෂ්ඨාන කර ගනිමු.
ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්ක නිල වශයෙන් සාකච්ඡා පවත්වමින් තිබෙනවා. ශී්ර ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කිරීමේ බලාපොරොත්තුවක් අපිට තිබෙන නිසා එයට බාධාවන අන්දමින් අපි කිසිදු කටයුත්තක අප නිරත වන්නේ නැහැ.”