ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත චීනය, ලාඹ්සය, වියට්නාමයට, බංග්ලාදේශයට, විවෘත කරන්නේ නම් එම පළාත් බස්නාහිර පළාත් අභිභවා සංවර්ධනය කිරීමට හැකි බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිරක රණවක මහතා පැවැසීය.
අම්පාර පැවැත් ජාතික මග වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අපේ ලංකාවේ නැගෙනහිර පළාත. අපේ ත්‍රිකුණාමලය, මඩකලපුව කලාප විද්‍යාත්මකව සැලසුම් සහගතව විවෘත කරා නම් චීනයේ කුන් මින් පළාතේ ආර්ථිකයට වගේම බංගලිදේශයේ, තායිලන්තයේ, ලාඕසයේ, වියට්නාමයේ ආර්ථික ක්‍රියාදාමයට, අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත අභිබවා මේ පළාත දියුණුවෙලා බලවත් වෙනවා.
නමුත් නිදහසින් පස්සේ අවුරුදු හැත්තෑ ගණනක් ගතවෙලත්, අපේ නැගෙනහිර වෙරළ තීරයට අපි මොකද කරලා තියෙන්නේ ? කලාපීය හෝ ලෝක ආර්ථිකයත් එක්ක බැඳුණු, රටට රටේ ජනතාවට ශක්තියක් වෙන විදිහේ ආර්ථිකයක් එතැන තියෙනවද? නැහැ.
ඇයි බස්නාහිර පළාත පහුකරන් ඉදිරියට යන්න පුළුවන් කියන්න හේතුව ලෝකයේ දියුණුම කලාපයන්, විශාලතම නව ආර්ථිකයන් තිබෙන්නේ ඒ පැත්තේ. හැබැයි අපි ඒක කරනවාද? නැහැ. ජාති ආගම් භේදයකින් තොරව මේ තියෙන ක්‍රමය ඇතුළේ හැදුනු දේශපාලකයෝ බලන්නේ තමන්ගේ ගමට මොකක් හරි කරන්න.
මේ රට ඉදිරියට ගෙනයනවා නම්, බස්නාහිර පළාත කලාපීය හා ලෝක ආර්ථිකයට විවෘත කලා වගේ නැගෙනහිර වෙරළ නයාරු කෝකිලායි වල ඉඳන් පානම දක්වා අපි විවෘත කරන්න ඕනේ ලෝකයේ බලගතුම ආර්ථික කලාපය ගොඩනගාගන්න. එහෙම විවෘත කළොතින් මේ කලාපය වහාම ප්‍රබෝධමත් කරලා අපට ගොඩනගාගන්න පුළුවන් රටටම ශක්තියක් වෙන්න.”