මහනුවර - කොළඹ මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්රදේශයේදී මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් මුහුණට මුහුන ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරු හා තවත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු, කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා වතුපිටිව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිදෙනෙකු මියගොස් තිබේ.
මිය ගිය අනෙක් දෙදෙනා වන්නේ රියදුරුගේ මව හා තවත් කාන්තාවකි. වෑන් රථයේ රියදුරු අවුරුදු 22ක් වන පුද්ගලයෙකි.
තුවාල ලබා ඇති සෙසු පුද්ගලයන් වන්නේ වෑන් රථ රියදුරාගේ පියාව හා සහෝදරියයි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.