හැටන් පොඩයිස්වත්ත හරහා ඩයගම දක්වා පිවිසෙන මාර්ගයේ යතුරුපැදි සහ ත්රිරෝද රථ හැර අනෙකුත් සියලුම බර සහ සැහැල්ලු වාහන ධාවනය ඊයේ (03) දින සිට තහනම් කරමින් නොර්වුඩ් ප්රාදේශිය සභාවේ සභාපති සහ ආගරපතන ප්රාදේශිය සභාවේ සභාපති එක්ව මාර්ග බාධක යොදමින් මාර්ගය තාවකාලිකව වසා දමනු ලැබුහ.
ඉකුත් (02) දින ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පොඩයිස් වත්ත ප්රදේශයේදි අඩි 25ක් පමණ ප්රපාතයට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 30 දෙනෙකු සහ මගින් 21 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ප්රාදේශිය සභා දෙකේම සභාපතිවරුන් මාර්ගය තාවකාලිකව වසා දැමිමට තිරණය කරනු ලැබුවේ.
එම මාර්ගයේ හැටන් පොඩයිස් වත්තේ වතු අධිකාරිවරයාගේ නිල නිවසට පිවිසෙන මාර්ගය අසලින් සහ ආගරපතන ප්රාදේශිය සභාවට අයත් ඇල්බියන් වත්ත ප්රදේශයෙන් ප්රධාන මාර්ගයට බාධක යොදමින් දැන්විමක් පල කර එම මාර්ගය තාවකාලිකව වසා දමනු ලැබුහ.
නොර්වුඩ් ප්රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා සහ ආගාරපතන ප්රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් යන මහතුන් කියා සිටින්නේ එම මාර්ගයේ මිට ප්රථම අවස්ථා කිහිපයකදි බරපතල රිය අනතුරු ගණනාවක් සිදු වි ඇති බවත්, එම මාර්ගය විශාල ලෙස වලවල් හැරි කැඩිගොස් ඇති නිසා මෙසේ රිය අනතුරු සිදු වි ඇති බවයි.
එම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට පවරාගෙන ප්රතිසංස්කරණ කටයුතු සිදු කරන ලෙස අවස්ථා කිහිපයකදිම ලිඛිතව ඉල්ලිම් කලත් , එම ඉල්ලිම් වලට මෙතෙක් ප්රතිචාර නොලැබි ඇති බවත් , එම මාර්ගය රථ වාහන ගමනාගමනය සදහා නිසි ප්රමිතියකට ප්රතිසංස්කරණය කරදෙන තෙක් මෙම මාර්ගය තාවකාලිව වසා දැමිමට පියවර ගත් බවයි එම ප්රාදේශිය සභාවන්හි සභාපතිවරුන් කියාසිටියේ.