පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
අද දින උදැසන 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසදිය.
අනතුරෙන් පාසල් ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 18 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පැවසිය.
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන ඇත.
එම මාර්ගය දැඩි ලෙස වලවල් හැරි තිබිම නිසා බස් රථය වලකට වැටි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.
තුවාල ලැබු පාසල් ළමුන් අවු 10 – 18 වයස් වල පසුවන ළමුන් බවද සදහන්.